´´අර්හත්වූ ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි. විශාරදව නාද කෙරෙයි. ඒ ශ්‍රමණ ගෞතමයන් අතින් පණ්ඩිත දිව්‍ය මනුෂ්‍යයෝ ප්‍රශ්න අසත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳීම කෙරෙයි.ප්‍රශ්න විසඳීමෙන් සිත් ගැනීම කෙරෙයි .ඔහුගේ වචන ඇසිය යුතුයයි හඟිත්, අසාද පහදිත්, පැහැදුනු ආකාරයක් නොකෙරෙත්, පැහැදුනු ආකාරයක් කෙරෙත්. දෙසූ ධර්මය සේ පිළිපදිත්, දෙසූ ධර්මය සේපිළිපදින්නාහු ශ්‍රමණ ගෞතමයන්ගේ හිත් ගනිත්යයි´´ කාශ්‍යපය, මෙසේ කියයුත්තෝ වන්නාහුය. අචෙල කාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබුයේමය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතන් වහන්සේලාට ඇතුලත් කෙනෙක්ම වූයේය.
අටවෙනිවූ කස්සප සීහනාද සූත්‍රය 


"මහණෙනි, අධර්මයට නිග්‍රහ කරව, අධර්මයට එරෙහිව ධර්ම යුද්ධයක් කරව!" අංගුත්තර නිකාය, කින්දිට්ටික සුත්‍රය තුල එදා තථාගතයන් වහන්සේ සඳහන් කල ධර්ම යුද්ධය මේතාක් කිසිවකුට සිදු කල නොහැකි විය. ඒ ඊට සුදුසු අවබෝධයකින් සහ ඥානයකින් පරිපුර්ණ වූ මහා පුරුෂයෙක් පහල නොවුණු බැවිනි. බොහෝ දෙනා කලේ කටින් බතල සිටුවමින්, නැති බලයක් මවා පෙන්වමින් මිනිසුන් ඉදිරියේ රඟපෑමය. එහෙත් ඒ රඟපෑම් සියල්ල අහවර වන කාලය එළැඹ ඇත. මන්ද අභීත සිරි සමන්තභද්‍ර හිමියන් මේ වන විටත් ධර්ම යුද්ධය ආරම්භ කල හමාරය.  www.youtube.com/sashramaya




යමක් අසත්‍ය නම් , එය තර්කයට අසුවී එය අසත්‍යයක් බව තර්කයට අසුවීමෙන්ම බිඳ වැටෙයි. යමක් සත්‍ය නම් කිනම් තර්කයක් ගෙනාවද , එය බිඳවැට්ටවීමට නොහැකිය.ලෝකයේ පරම සත්‍යට සාපේක්ෂව අසත්‍යයය වන එහෙත්, මිනිසුන් විසින් මනුෂ්‍යය ලෝකයේ දී එය සත්‍ය බව සම්මත කරගෙන සිටින කාරණයක් තාවකාලික ලෙස පමණක් භෞතික වශයෙන් සත්‍ය වේ.එහෙත් එය එලෙස පවතින්නේ තවත් පුද්ගලයෙකු පැමිණ එය තර්ක කර එහෙත් එය වැරදි බව ඔප්පු කර පෙන්නන තාක් පමණි. එහෙත් යමෙක් තමා එදිනෙදා ජීවත් වන ජීවිතිය තුලින් සත්‍ය අවබෝධ නොකරන්නට ගොස් තර්කයෙන්ම සත්‍ය සොයන්නට යයිද,හෙතෙම මියැදෙන තාක් කල් තවත් භෞතික මානසික රාමුවක් තුල සිරවී සිටියදීම තම ජීවිතිය අවසන් කරයි.යමක් පරම සත්‍ය නම් එය අපගේ ජීවිත තුල තිබිය යුතුය.මන්දයත් එය පරම සත්‍ය නම් සියල්ලම තුල එය ක්‍රියාත්මක විය යුතු බැවිනි.එසේනම් යමෙක්ට පරම සත්‍ය අවබෝධ නොවන්නේ හෝ නොපෙනෙන්නේ තමාගේ සිත තුල පවතින්නා වූ මානසික රාමු හා දෘෂ්ටියක ප්‍රතිපලයක් ලෙසිනි.කුමන තර්කයක් ගෙන ආවද , ලොව පරම සත්‍ය බිඳ හෙළිය නොහැක.මන්දයත් පරම සතයේ දෙපැත්තක් නැති බැවිනි.යම් දෙයක දෙපැත්තක් ඇති නම් ඒ පැත්තට මේ පැත්තට පෙරලා කිසිදා අවසන් නොවනතුරු තර්ක කිරීම කරගෙන යා හැකි බැවිනි.පරම සත්‍ය නම් සත්‍ය දෙකක් හෝ ගොඩක් නොව එකක්ම වන බැවිනි.ඔබට මෙය කියවා අවසානයේදී ඇතිවන මානසික හෝ කායික විඩාව පිලිබඳ මම වග නොකියමි.අවසානයක් නොමැතිව තර්ක කරන්නට යාමෙන් ඇතිවන මානසික වීඩාව දිගටම තර්ක කිරීමෙන්ම අවබෝධ කරගන්නා මෙන් , තර්ක කිරීමට කැමති අයගෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි. ඔබ මානසික පීඩාවකට පත් වුනොත් මෙතනට ගොස් එය නිවාගන්නා ලෙස ඉල්ලා සිටිමි. www.youtube.com/sashramaya





පුංචිකාලේ සිට අපට උපදෙස් ලැබෙන්නේ හොඳ පෞරුෂයක් ගොඩනගන්න කියලා.පෞරුෂයක් නැතුව ජීවත් වෙන්න බැරිද?

මා කියන්නේ තියෙන පෞරුෂයත් ඉවත් කරගන්න කියලා.සමාජයේ සියලු දෙන පෙන්වන මාර්ගයට විරුද්ධ පටිසෝතගාමී මාර්ගයක් මම ඔබට කියනවා.අපි පෞරුෂයක් හදාගත්තාම එක නඩත්තු කරන්න සිදුවෙනවා.මේ සමාජයේ ඕන තරම් ගැහැණු ඉන්නවානේ.මං කියන්නේ ගැහැනියකට ගැහැණු බව නඩත්තු කරන්න පහසුද?.ඒකත් හරි අමාරුයි.ඊට ගැලපෙන ඇඳුම් අඳින්න ඕන.කොන්ඩේ කපන්න ඕන.කෑම -බීම, කාමර පහසුකම් හොයන්න ඕන.ඔය ඔක්කොටම වඩා කරදරයි ඊට ගැලපෙන බාත්රූම් එකක් හොයන්න ගියාම.මාරු වුනොත් විනාශයි.ඒ වගේමයි පිරිමකමත්.මිනිස්සු එක එක රාමු හදාගෙන පිරිමිකමත් නඩත්තු කරනවා.බැරිවෙලා හරි අපි රෙදි කඩේකට ගියාම ගෑනු රෙදි තියෙන පැත්තට ගියොත් මොකක්ද හිතෙන්නේ?ලැජ්ජාවක්.පිරිමි රෙදි තියෙන පැත්තට ගෑනු කෙනෙක් ගියාමත් හිතෙන්නේ ලැජ්ජාවක්.මං අහන්නේ අයි ඒ?ඒ ඒගොල්ලෝ නඩත්තු කරන පෞරුෂය නිසා.මම කියන්නේ මේ සියල්ල අත්‍ ඇරියම ඒ ය හරි නිදහස් කියලා.අපි හිතමු එක මනුස්සයෙක් කැමතිවෙලා ඉන්නවා පරිප්පුයි බතුයි කන්න,එක දවසක් මේ මනුෂ්‍යාට කෙසෙල් බඩයි බතුයි කන්න ලැබෙනවා.එයා දැන් කෙම ප්‍රතික්ෂේප කරන්නේ කෙසෙල් බඩයි බතුයිවල තියෙන වැරද්දක් නිස්සා නෙවෙයි.එයාට ඒ කෑම වේල කන්න බැරි පරිප්පුයි බතුයි වලට පෞරුෂයක් හදාගත්ත නිසයි.මම අහන්නේ මේ ඕන එකක් එක්ක බත් කන්න පුළුවන් කෙනයි පරිප්පුයි බතුයි කන කෙනයි අතරින් වඩා සාර්ථක කවුද?ඕන දෙයක් කන්න පුරුදු වුන කෙනා නේද?එතකොට ඒ ඕන දෙයක් කන්න පුළුවන් පුද්ගලයාට පෞරුෂයක් තියෙනවාද නැද්ද?එත් ඒක තමයි ඔහුගේ පෞරුෂය.මාත් ඔබට කියන්නේ ඒ වගේ නැති පෞරුෂය ඇති කරගන්න කියලා.පෞරුෂය ඉවත් කරන එක තමයි එයාගේ පෞරුෂය.පෞරුෂය නැති කරනවා කියන්නේ ලොකු හයියක්.එහෙම පුද්ගලයෙක්ව ලෝකේ කසිම කෙනෙකුට මර්දනය කරන්න බෑ.මරන්න බෑ.මරන්න එද්දී මිනිස්සු ආපස්සට දුවනවා නේ.පෞරුෂය නැති කරගත්ත මිනිස්සු මරණය එද්දී ඉස්සරහට මුහුණ දෙනවා.මනුෂ්‍යයෙක්ට ගහන්න හිංසා කරන්න එද්දී ,හිංසා කරන්න එද්දී ගහන කෙනාවම හොයාගෙන යනවා.මනුෂ්‍යයෙක් ට නින්දා කලාම නින්දාවම හොයාගෙන යනවා.ඒ තමයි ඒ අයගේ පෞරුෂය.

ඔබ වහන්සේ කියන්නේ ප්‍රතිපත්තිගරුක මිනිස්සු රටකට එපා කියලද?

නෑනේ.පෞරුෂය නෑ  කියන එකම තමයි ප්‍රතිපත්තිගරුජයි කියන්නෙත්.ජීවිතයේ සියල්ල කෙරෙහි මධ්‍යස්ත වෙන්න.අපි මේ පෞරුෂය කියලා පොඩි කොටුවක් හදාගෙන සිදු කරන්නේ මොකක්ද?ඒක හරියට ගිරවෙක් ගෙනල්ලා කූඩුවකට දාල කැරට් අල කව කවා තියාගෙන ඉන්නවා වාගේ වැඩක්.මං කියන්නේ ගිරවා අතාරින්න කියලා.අත් ඇරලා ඌට කැමති කමක් කන්න කියලා.මිනිස්සුන්ට පෞරුෂයක් හදලා ඒකට කොටුකරන්න එපා.අනෙක් අතට නූතන සමාජය එහෙම පෞරුෂයකට කොටු කරන්න බෑ .ඒ ගොල්ලෝ නිදහසේ ලෝකය දකිනවා.නිදහසේ ජීවත් වෙන්න.එතකොට ඔබට හුඟක් දේවල් පේන්න පටන් ගනීවි.මනුෂ්‍යයෙක් ගේ ඥානය වැඩිවන්නේ ගවේෂණය කරන ප්‍රමාණයට.එක එක සීමාවලට හිරවෙලා ඉන්නකල් ගවේෂණය කරන්න බැරි වෙනවා.එහෙම සීමාවලට හිරවෙන්න සිදුවෙන්නේ ඔහු පෞරුෂයක් නඩත්තු කරන නිසා.මම කියන්නේ එහෙම පෞරුෂයක් හදාගන්න එපා කියලා.පෞරුෂයක් තියෙන මිනිස්සු හරියට නාකි බල්ලෝ කොළඹ යනවා වගේ.මග දිගට ඉන්න  ඉන්නවා  මිසක් නාකි බල්ලා කොළඹ යන්නේ නෑ.ගොරවන බල්ලන්ට ගොරව ගොරව ඉන්න නිසා තමයි සමාජය ආතුර වෙලා තිබෙන්නේ .කවුරුවත් තමන්ගේ ගමන යන්නේ නෑ.මම කියන්නේ ඒකයි.ඔබට ගොරවන කෙනාට ඔබ ගොරවන්න එපා.උන්ට හිනාවෙන්නඔබට හිංසා කරන්නන්ට ආදරය කරන්න.වෛර කරන්නන්ට කරුණාව දක්වන්න. " අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ ජිනෙ කදිරියං දානෙන සච්චේන අලිකවාදිනන්ති "   බුද්ධාගමේ කියන්නේ මෙන්න මේ මාර්ගය.පෞරුෂය නිසා අතුරු මානසික ආබාධ ඇතිවෙනවා.පෞරුෂය කියන ප්‍රධාන කාරණය සංවර්ධනය කරනකොට එකත් එක්ක හැදෙන අතුරු මානසික ආබාධ තියෙනවා.පෞරුෂය නඩත්තු කරන්න බැරි වුනාම ඔවුන් මානසික රෝගීන් බවට පත්වෙනවා.

ඔබ වහන්සේ අපිට කියනවා වෛර කරන අයට ආදරය කරන්න කියලා.එතකොට අපිට ආදරය කරන යට මොකද කරන්න ඕන?

ආදරය කරන ය කෙරෙහි මධ්‍යස්ථ වෙන්න.වෛර කරන අයට  ආදරය කරන්න කියලා කිව්වේ, ඔහු ඒ වෙද්දී වෛර කරන නිසයි.චින්තනයේ අවසාන තැන එතැන නොවෙයි.ඊට පස්සේ කරන්නේ පුද්ගලයාව බැලන්ස් කරන එක.වෛර කරන කෙනාට ආදරය කරන්න පුරුදු වුනාම ඔහු නිවන් මග අහන්න සුදුසුයි.මේ කියන්නේ සිත් සමතුලිත කරගන්න කියලා.
සමතුලිත සිතක් ඇති කරගන්න පුළුවන් පටිසෝතගාමී චිත්තයකින් පමණයි.මම මේ කියන කතාව තේරුම් ගන්න අවශ්‍යනම් පුන්න මන්තානි තිස්ස තෙරුන් වහන්සේගේ කතාව අහන්න.එයා හිරවුණා කෙනෙක් නෙවෙයි.නිදහසේ හිතලා නිදහසේ ඇවිදලා නිදහසේ කල්පනා කරලා තීරණ  ගත්ත හාමුදුරු කෙනෙක්.මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලනවා සුනාපරන්තයට යන්න.සුනාපරන්තය කියන්නේ හරිම දරුණු මිනිස්සු හිටපු ප්‍රදේශයක්.එතකොට පුන්න හාමුදුරුවෝ  රහත් වෙලත් නෑ.බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ කියනවා පුන්න යන්න එපා,ඒ මිනිස්සු හරි සැරයි කියලා.ඊට පස්සේ බුදුහාමුදුරුවොයි පුන්නයි අතර ඇතිවන්නේ මෙවැනි සංවාදයක්. 'කමක් නෑ බුදුහාමුදුරුවනේ ඔවුන් මට බැන්නේ නෑනේ, හොඳයි පුන්න ඔවුන්  ඔබට බැන්නොත් .කමක් නෑ ස්වාමිනි, ඔවුන් මට ගැහුවේ නෑනේ. ගැහුවොත්?ඒකට කමක් නෑ, ඔවුන් මට උල් ආයුධ වලින් පහර දුන්නේ නැනේ. උල් ආයුධ වලින් පහර දුන්නොත්.ඔවුන් මාව මැරුවේ නෑනේ. හොඳයි පුන්න ඔවුන් ඔබව මැරුවොත්.ඒකට කමක් නෑ .කී දෙනෙක් මැරෙන්න ක්‍රම හොයනවද?ඒ අතර මට නොමිලේම ක්‍රමයක් ලැබුන යයි කියා මම සතුටු වෙනවා.'
මෙහෙම කියන්න මොන තරම් හිත හදපු කෙනෙක් වෙන්න ඕනෙද?මා කියන දහම අවබෝධ කරගත්තොත් ඒ වගේ වෙන්න පුළුවන්.බෞද්ධාගමේ මාර්ගය පටිසෝතගාමී මාර්ගයක්.එතැනටයි අපි යන්න ඕන.එහෙම නැතුව මල් මල් බෞද්ධයෝ වෙන්න අවශ්‍ය නෑ .

මල් මල් බෞද්ධයෝ කියලා අදහස් කලේ?

මල් මල් බෞද්ධයෝ කියන්නේ, තියෙන ඔක්කොම ප්‍රතිමා පිළිම වලටයි, ගස් ගල් වලටයි වැඳ වැඳ අටපිරිකර එහෙම පූජා කර කර යන අයට.මම කියන්නේ එහෙම නැතිව දාර්ශනික බෞද්ධයෝ වෙන්න කියලා.බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි.දර්ශනයක්.

ආගමකයි දර්ශනයකයි වෙනස පැහැදිලි කරන්න පුලුවන්ද?

ආගමක් කියන්න සිරිත් විරිත් සම්ප්‍රදායක්.මේ ඔක්කොම එකතු කරගෙන ඒවාට වැඳ  වැඳ පූජා පවත්වන එකක්.දර්ශනයක් කියන්නේ මිනිසුන්ගේ දුක නිවන ක්‍රමවේදයක්.බුද්ධාගම දර්ශනයක්.හැබැයි බුද්ධාගමේ  නැතුව නෙවෙයි.මල් පූජා කිරීම වගේ දේවල් තියෙනවා.නමුත් බුද්ධාගම කියන්නේ දර්ශනයක් බව කවුරුත්  යුතුයි.යම් කෙනෙක් බුද්ධාගම දර්ශනයක් කියන එක අමතක කලොත් අන්න එතකොට මල් මල් බෞද්ධයා හිස ඔසවනවා.ඒ මල් මල් බෞද්ධයෝ එකතුවෙලා බුදුහාමුදුරුවෝ ඝාතනය කරනවා.දර්ශනය මරනවා.මම කියන්නේ ඒ දර්ශනය මරන්න ඉඩ දෙන්න එපා කියලා.සොබාදහම දර්ශනය මරන්න ඉඩ දෙන්නේ නැහැ.මේක නිවන මුල්කරගත්ත දහමක්.

නමුත් අතීතයේ සිට පැවත එන භික්ෂු පරපුර නිසා මේ දහම යම්තාක් දුරකට හෝ නොනැසී ආරක්ෂා වුනා නේද?

අද ඉන්න භික්ෂුව එක එක දේවල් වලට ගිහින්.කට්ටියක් දේශපාලනයේ.කට්ටියක් ආණ්ඩුවට කඩේ යනවා.තව කට්ටියක් විපක්ෂයට කඩේ යනවා.මේවා නවත්වලා පරම සත්‍ය වූ  නිවන හොයාගෙන යන්න ඕන.භික්ෂුවක් බවට පත්වෙද්දී කියන පළමුවෙනි දේ තමයි, "සබ්බ දුක්ඛ නිස්සරණ - නිබ්බාන සච්චකරන " භික්ෂුවගේ පරමාදර්ශ පාඨය විය යුත්තේ එයයි.මේ සමාජය එඅතනට එන්න ඕන.එහෙම ආවොත් විතරයි බුද්ධාගම නැවත බැබලෙන්නේ.මිනිස්සු බුදුදහම බබළවන්න කියලා එක එක දේවල් කරනවා.පිළිම හදනවා.විහාර හදනවා.ගස් සිටුවනවා.ආරක්ෂා කරනවා.නමුත් ආරක්ෂා කිරීමෙන් කවදාවත් බුදුදහම බබළවන්න බෑ .බුදුදහම බබළවන්න පුළුවන් අවබෝධ කිරීමෙන් පමනයි.කෙනෙකුට සැබෑවටම දහමට සේවය කරන්න අවශ්‍යනම් ඒ පුද්ගලයා කලයුත්තේ එදා ධර්මාරාම භික්ෂුව කල දේමයි.ධර්මආරම භික්ෂුවමෙන් බුද්ධ වචනය ප්‍රත්‍යක්ෂ කලයුතුයි.කෙනෙක් බුද්ධ වචනය ප්‍රත්‍යක්ෂ කලොත් හේ බුදුසසුන බැබලවුයේය.නිවන් නොදක ආරක්ෂා කරන්නට ගිය සියල්ලෝම බුදුසසුනෙන් ජීවත් වුවෝ මිස සසුන බැබලු වුවෝ නොවන්නේය.බුද්ධාගම කියන එක ආරක්ෂා කරන්න ඕන නෑ.ඒ දහම ආර්ක්ශාකරන්වානම් ලොකු වැරද්දක්.බුද්ධාගම සංරක්ෂණය කල යුතුය.ඉස්සෙල්ල තමන් රස බලලා කාල, බීල ඉන්න.දැන් ඔබ අහයි ඔය කියන්නේ බුද්ධාගම කාල බැලුවට කමක් නෑ කියලද. මම කියනවා කාල බිව්වත් කමක් නෑ  කියලා."මහණෙනි, ධර්මය හා සමාන ඖෂදයක් නැහැ.එය පානය කරන්න"  බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙමයි.ධර්මය තමන් අවබෝධ කර නොගෙන සංරක්ෂණය කරන්න යෑම මෝඩ කමක්.

-- අතිපූජ්‍ය සමන්තබද්‍ර ස්වාමින්වහන්සේ , මව්බිම පුවත්පතේ සංජක ප්‍රසාද් දොලේවත්ත සමග කල සංවාදයක් ඇසුරින් උපුටා ගත්තකි...


Image courtesy-http://www.mawbima.lk/e-paper.html

බොහෝමයක් මිනිස්සු පිළිගන්න අකමැති දෙයක් තමා තමන් ඉපදුනේ මනුෂ්‍ය ලෝකයේ කියන එක.
ඔවුන්ට තමන් ඉපදුනු තැන පවා දේශපාලන රාමු වලින් කොටුකරගෙන.ඔවුන් එම දේශපාලන රාමු තුලම තෙරපී හිරවී තමන්ගේ දිවිය හමාර කර දමනවා.තමන් භූ ගෝලීය වශයෙන් ඉපදුනු තැන තවත් ලක්ෂ්‍යකට සාපේක්ෂ වශයෙන් බවවත් තේරුම් ගන්න තරම් ඔවුන්ගේ මනස විවෘත්ත වෙලා නෑ.මහාද්වීප, රාජ්‍ය, ප්‍රාන්ත, නගර, ගම්, ආගම්, ජාති, කුල,පරම්පරා ලෙස මෙහෙම දිගටම මේ දේශපාලනික බෙදීම නොනැවතී ගමන් කරනවා."ආගම් දේශපාලනිකයි? ඔව් ඇත්තටම, ආගම් බිහිවන්නේ විවිධ දේශපාලනික කොට්ඨාශ වල යහ පාලනය ඇති කරගන්න.පාලකයින්ට තමා බලයේ සිටිමින් පාලනය මෘදුව ගෙනයන්න." ඇත්තටම කිව්වොත් බහුතරයක් මනුෂ්‍යයන් තමන්ගේ ජීවිත කාලය ඇතුලතදී තමන්ට වෙන්නේ කුමක්ද, තමන් කරන්නේ කුමක්ද කියා පැහැදිලි අදහසක් ඔහු හෝ ඇය නොදනී.එසේ සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයා දෙස බැලූ විට පෙනෙන්නේ තිරිසන් සත්වයාත් මනුෂ්‍යයාත් අතර එතරම් වෙනසක් නොපවතින බවකි.
මොකක්ද එසේනම් අනෙකුත් සත්වයෙනුත් මනුෂ්‍යාත් අතර වෙනස.මනුෂ්‍යාට දියුණු මනසක් තිබෙන නිසා ඔවුන්ට අවබෝධය ලැබීමේ හැකියාව පවතී.අනෙකුත් සත්වයන්ට පවතින්නේ හැඩගැසීමේ හැකියාව පමණි.
මනුෂ්‍යයෙක් ලෙස ඉපිද සාමාන්‍ය සත්වයෙක් ලෙස යම් දෙයකට හැඩගැසීමෙන් මනුෂත්වයට සිදුවන්නේ කිනම් සාධාරණයක්ද? ළදරුවෙකු ලෙස ඉපදුණ දින පටන් විවිධ ආකාරයට හැඩගැසෙමින් තමන්ට නිදහසේ සිතීමේ ඇති නිදහස පවා තමා විසින්ම නැති කර ගනී."සියල්ලටම ප්‍රධාන වන්නේ මනස " යන ප්‍රාථමික කාරණය පවා ඔවුන්ට අවබෝධ කරගත නොහැකිව ,තමා පිළිබඳ තමාට ඇති වගකීම පවා බැහැර කරමින් සිටියි.
අද ශ්‍රී ලංකාවේ වර්තමානය තත්වය සලකා බැලුවහොත් , "තමා වෙහෙසෙන්නේ තමන්ගේ අනාගත පරපුරට බවත් පවසමින් අන්තවාදීන් මෙසේ විවිධ ගැටළු ඇති කරමින්, තවත් පුද්ගලයන් ගැටළු වලට මැදිහත් කර ගනිමින් ඔවුන් විනාශකාරී ක්‍රියාවල යෙදෙයි."
බොහෝ විට මෙවන් අන්තවාදීන් ලෙස පෙනී සිටින්නේ කව්ද? තමන්ගේ මැදි විය පසු කල පුද්ගලයන්, තමාට තමන්ගේ තරුණ කාලයේදී අතපසු වූ දේවල් කෙරෙහි මානසික අසහනයකින් පෙලෙන එවුන්,තමා මිය යාමට පෙර ඔවුන්ගේ තනිකම (solitude) වසා ගැනීම සඳහා තරුණ ප්‍රජාව ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා යොදා ගනී.
ලෝකයේ විවිධ කාලවල  යුද්ධ දෙස සලකා බැලුවහොත් ඔබට මෙය ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිය.යුද්ධය දිනුව උන් සමස්තයක් ලෙස ලබාගත් දෙයක් නොමැත.
ලෝක දේශපාලන තත්වය මොන වගේද? ලෝකයේ ප්‍රබල ආර්ථික පවතින රටවල් මේ වෙලාවේ තමන්ගේ අය වැය හිඟය පියාවගන්න බරපතල අරගලයක යෙදී සිටී.විවිධ තාවකාලික පැලැස්තර අලවා සිටී.ප්‍රබල නොවන රටවල් ප්‍රබල රටවල ගොදුරු බවට පත්ව සිටී.මේ සියල්ල මුදල් නිසාද? ඔව්, ප්‍රබල රටවල , දුබල රටවල විවිද වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ මුදල් වැඩි කර ගැනීම සඳහා.ප්‍රබල රටවල් අතර අරගල ඇතිවෙන්නේ මේ මුදල් කියන කාරණයම මත තමයි.ඊට උඩින් විවිධ ප්‍රශ්න තිබුනත්, යටින් ක්‍රියාත්මක වෙන්නේ මේ ධනය කියන ප්‍රශ්නය තමයි..මේක හාවා  තණකොළ කනවා, කොටිය ඇවිල්ල හාවා කන එකට සමානයි.ව්‍යාපාර ගත්තත්, දේශපාලනික ව්‍යුහ ගත්තත් මේ සියල්ලේම ක්‍රියාත්මක වෙන්නේ එකම මොඩල් එක.
මේ ඔක්කොම ප්‍රශ්ණ මැද්දේ මොකක්ද තමන්ට තනි පුද්ගලයෙක් වශයෙන් කරන්න පුළුවන් කාර්‍යභාරය? සාපේක්ෂතාව තේරුම් ගැනීම.සාපේක්ෂතාව තේරුම් ගෙන, තමන් ඇත්තටම කලයුත්තේ කුමක්ද කියන එක තමන්ගේ හදවත උත්තර දෙයි.තමන් කරන්නේ කුමක්ද කියල තමන් හරියට දැනගන්න ඕනි.උදාහරණයක් විදිහට කිව්වොත්, ඉපදුන ගමන් හදන කේන්දරයෙන් ඔවුන්ගේ ජීවිත ගැන තීරණය කරන්නේ තමන් ඉපදුනු මොහොතට සාපේක්ෂව.ඔවුන් මේ කරුණාවත් නොදැන කෙන්දරය මුළු ජීවිතයේම සාරාංශය බවට පත්කරගන්නවා.එතකොට ෆෙන් ෂුයි ,වාස්තු විද්‍යාව යන විවිධ නම් වලින් විවිද දේවල් ,මිනිස්සු වැළඳ ගන්නවා.ඉඩමක හැඩය කියන කාරණය භෞතිකව බෙදිලා නෑ.ඒවා යම් කිසි ලේඛනයක නැත්නම් මිනිස්සුන්ගේ හිතේ තමයි තිබෙන්නේ.නැත්නම් තමන්ට කිසි වෙහෙසක් නැතිවම ලැබුන අදහස් වලට පමණක් තමන්ගේ ජීවිතය කෙටි කරගන්නවා.ඒක හරියට Love is Life කියන එක වගේ.ප්‍රේමය ට වඩා ජීවිතිය ලොකුයි කියන එක තේරුම් ගත්තේ නැත්නම් මනුෂයෙක් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා.Love is  Life  කියල හිතාගෙන සිටින පුද්ගලයෙකුට, තමාගේ සහකරුගෙන් වෙන්වීමක් සිදුවුනොත්, එම පුද්ගලයා ජීවිත කාලයම විරහ වේදනාව විඳවනවා.ඒ පුද්ගලයා ජීවිතිය විඳිනවට වඩා කරලා තියෙන්නේ විඳවල තියෙන එක.
ඇත්තටම තමන් ගැන හිතනවා කියන්නේ ආත්මාර්ථකාමී වෙනවා කියන එක නෙවෙයි.ආත්මාර්ථකාමී වෙනවා කියන්නේ තමන් ගැන විතරක් මෝඩ විදිහට හිතන එකටයි.මිනිස්සුන්ට දුක් වෙනවට වඩා තියෙන්නේ තමන්ට දුක හිතෙයි කියල තියෙන බිය.අපිට මරණෙන් පස්සේ ලැබෙන දෙයක් ගැන විශ්වාස කල හැක්කේ කෙසේද? ඇත්තටම අපිට මරණයෙන් පසු දෙයක් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ .මේ මොහොතේ අපට ලැබෙන දෙයක් ගැන අපිට 100% විශ්වාසය තියන්න පුළුවන්.

"ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයේ කොතැනවත් ඇමෙරිකාවවත්,චීනේවත්,රුසියාවවත්,ලංකාවවත් ලෝකේ හොඳම රට කියල හරි ලෝකේ තියෙන නරකම රට කියලවත් පෙන්වන්නේ නැත .ඒක  ෆිල්ම්  එක  දැකලා  නැති අය හිතන්  ඉන්න හිතලුවක් පමණි .ලංකාව  ලෝකේ  හොඳම  රට යැයි සිනමා කෘතියකින් හෝ දැක ගැනීමට ශ්‍රී ලාංකිකයන් කැමැත්ත දක්වයි.ඇමරිකානුවන්ද එසේය.(ඇමෙරිකානු ජනපතිවරයා තම රට අමතනුයේ "වර්ල්ඩ් ස් ග්‍රේටස්ට් නේෂන් "කියාය.අමෙරිකානුවෙකුගෙන් ඇසුවොත් ඔබගේ ජාතිය කුමක්ද කියා,ඔවුන් පිළිතුරු දෙනුයේ 'ඇමෙරිකානු'කියාය.ශ්‍රී ලාංකියකයුගෙන් ලැබෙන පිළිතුර 'ශ්‍රී ලාංකේය'ලෙස නොවේ,හැබැයි එසේ වුවා කියා ඇමෙරිකාව ලොව හොඳම රටවත්,ලංකාව නරකම රටවත් ලෙස කාටවත් නම් කල නොහැක.ලෝකයේ කොහේවත් පරිපූර්ණ රටක් නොමැත).

බොහෝ විට කුඩා කල සිට බොහෝ ශ්‍රී  ලාංකිකයින් නරඹා  ඇත්තේ ඇමෙරිකානු ජාතිය හොඳම යයි පෙන්වන වෘත්තාන්ත චිත්‍රපට හා ඉන්දියානු වෘත්තාන්ත චිත්‍රපටයි.එහෙත් බොහෝ දෙනා කියනා කරුණු අනුව සංජීව වාර්තා චිත්‍රපටයක් බව ඔබ සියලු දෙනා සිතාගෙන සිටී.සංජීව සාදා ඇත්තේ වාර්තා චිත්‍රපටයක් නොවේ. එය 'ඉගිල්ලෙන මාළුවෝ ' දැක  නොදක  කරන විචාර කරන්නන්  හා  අපහාස  කරන්නන් අවබෝධ කරගත යුතු පළමු කරුණ වන්නේ 'ඉගිල්ලෙන මාළුවෝ ' යනු වාර්තා චිත්‍රපටයක් නොවන වගයි .'ඉගිල්ලෙන මාළුවෝ ' වෘත්තාන්ත  චිත්‍රපටයකි .
                  වාර්තා චිත්‍රපටියක්  ලෙස ලෝකයේම ලංකාව ගැන ප්‍රසිද්ධියක් පවතින්නේ චැනල් ෆෝ නාලිකාවෙන් ප්‍රචාරය කල චිත්‍රපටයයකි .වාර්තා චිත්‍රපටයක නාට්‍යයක පොතේ ගුරෙකු මෙන් 'නැරේටර්' කෙනෙක් සිටියි.ඔහු බොහෝ වේලාවට රූප රාමු වල පෙනී සිටියි .චැනල් ෆෝ ප්‍රචාරය කරන ලද "කිලින් ෆීල්ඩ්ස් " නම් චිත්‍රපටයේ නැරේටර්  ලෙස සිටින්නේ ජෝන් ස්නොව් වේ.නිෂ්පාදනය කල ඇත්තේ ITN නම් ආයතනයකි . සංජීව පුෂ්පකුමාර මහතාට ද ත්‍රස්ත චෝදනා එල්ල කලේත් ITN නම් ආයතනයකි .
                           නමුත් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාර්තීන් විසින් එය වාර්තා චිත්‍රපටයක් ලෙස නොව වෘතාන්ත්ත චිත්‍රපටයක් බව වෙඩි හඬ වල ශබ්දය සම්බන්ධ තාක්ෂණික කරුණු වලින් ඔප්පු කළහ."කිලින් ෆීල්ඩ්ස් "අධ්‍යක්ෂක කැලම් මැක්රේ පුවත්පත් සාකච්චාවකට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ලංකාවෙන් ඒ සදහා පිළිතුරු දීමට ගිය පුද්ගලයා කිසියම් ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව එම ශාලාවෙන් වහාම පිටවූ වගයි.කැලම් මැක්රේ ට අනුව ලංකාවෙන් ගිය නියෝජිතයා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට හෝ  ශාලාවේ සිට නැත.පසුගිය අප්‍රේල් මාසයේ 2 වන දා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති සමුළුවකට සහභාගී වූ විධායක ශ්‍රේණියේ කළමණාකරුවන් පිරිසක් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් "මෙවන් ඩයස්පෝරාවේ ක්‍රියාවන් වලට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබෙන්නේද "යැයි විමසූ විට එතුමා පවසා සිටියේ "ශ්‍රී ලංකා ආණ්ඩුවට එවන් වැඩපිළිවෙලක් සංවිධානයක්  නොතිබෙන බවත් ඩයස්පෝරාවට එපා වන තුරු එම ක්‍රියා කරගෙන යෑමට ඉඩ දෙන "බවයි .
                                 සමහර විට එවන් වැඩ පිළිවෙලක් නොයෙදන්නේ ලංකාවේ මැතිවරණ වලදී ඡන්ද ලබා ගැනීමට බව කාට හෝ සැකයක් ඇතිවීම නොවැලක්විය හැකි හේතුවකි.මන්දයත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලක්වමු යනුවෙන් ලක්ෂ, කෝටි ගණන් වියදම් කර රට පුරා පෝස්ටර් ඇලවීම හාස්‍යට කරුණකි.හොඳම විහිලුව වනුයේ රාජ්‍ය මාධ්‍ය ආයතන වල සේවය කල /කරන  අධිකරණයේ අපරාධ වරෙන්තු ඇති පුද්ගලයන් සංජීව පුෂ්පකුමාරට එරෙහිව පෙළ පාලි යාමය .ඇත්ත වශයෙන්ම පුද්ගලික න්‍යාය පත්‍ර අනුව ක්‍රියා කිරීමෙන් හා නියමිත ජාත්‍යන්තර  වැඩපිළිවෙලක් නැතිවීම මගින් අපහසුතාවයට පත්වන්නේ වත්මන් තරුණ පරපුර හා ඉදිරි අනාගතයයි.
                                    සංජීව පුෂ්පකුමාර මහතාට මෙන්ම අනෙකුත් උගත් සිනමා රසිකයන්ටද විඳින්නට සිදුවූයේ මේ දේශපාලන කරුමයකි.මා මෙහි උගත් යනුවෙන් සදහන් කලේ වාර්තා චිත්‍රපටයක් හා වෘතාන්ත චිත්‍රපටයක්  යන්න පිළිබදව නොදැන කලා කෘතියකට අවමන් කරමින් දේශප්‍රේමින් වන්නට දතකන සිරී ලාන්කිකයන් සිටින බැවිනි .වෘතාන්ත චිත්‍රපටයක් තහනම් කිරීම මගින් ආණ්ඩුව අහක යන කුණු ගොඩක් ද  ඔළුවේ දාගත්තේය.මෙය තනහම් කිරීමෙන් ලැබුණු එකම හොඳ නම්,විශාල ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයට ලැබීමය.

නිමක්  නැති රහස් කියන රාත්‍රී සුන්දර අහස .

භාෂාවක් නැති භාෂාවකින් සුන්දර හැඟුම් මවන පහස .
රෑ අහස .........

About this blog

Powered by Blogger.