යමක් අසත්‍ය නම් , එය තර්කයට අසුවී එය අසත්‍යයක් බව තර්කයට අසුවීමෙන්ම බිඳ වැටෙයි. යමක් සත්‍ය නම් කිනම් තර්කයක් ගෙනාවද , එය බිඳවැට්ටවීමට නොහැකිය.ලෝකයේ පරම සත්‍යට සාපේක්ෂව අසත්‍යයය වන එහෙත්, මිනිසුන් විසින් මනුෂ්‍යය ලෝකයේ දී එය සත්‍ය බව සම්මත කරගෙන සිටින කාරණයක් තාවකාලික ලෙස පමණක් භෞතික වශයෙන් සත්‍ය වේ.එහෙත් එය එලෙස පවතින්නේ තවත් පුද්ගලයෙකු පැමිණ එය තර්ක කර එහෙත් එය වැරදි බව ඔප්පු කර පෙන්නන තාක් පමණි. එහෙත් යමෙක් තමා එදිනෙදා ජීවත් වන ජීවිතිය තුලින් සත්‍ය අවබෝධ නොකරන්නට ගොස් තර්කයෙන්ම සත්‍ය සොයන්නට යයිද,හෙතෙම මියැදෙන තාක් කල් තවත් භෞතික මානසික රාමුවක් තුල සිරවී සිටියදීම තම ජීවිතිය අවසන් කරයි.යමක් පරම සත්‍ය නම් එය අපගේ ජීවිත තුල තිබිය යුතුය.මන්දයත් එය පරම සත්‍ය නම් සියල්ලම තුල එය ක්‍රියාත්මක විය යුතු බැවිනි.එසේනම් යමෙක්ට පරම සත්‍ය අවබෝධ නොවන්නේ හෝ නොපෙනෙන්නේ තමාගේ සිත තුල පවතින්නා වූ මානසික රාමු හා දෘෂ්ටියක ප්‍රතිපලයක් ලෙසිනි.කුමන තර්කයක් ගෙන ආවද , ලොව පරම සත්‍ය බිඳ හෙළිය නොහැක.මන්දයත් පරම සතයේ දෙපැත්තක් නැති බැවිනි.යම් දෙයක දෙපැත්තක් ඇති නම් ඒ පැත්තට මේ පැත්තට පෙරලා කිසිදා අවසන් නොවනතුරු තර්ක කිරීම කරගෙන යා හැකි බැවිනි.පරම සත්‍ය නම් සත්‍ය දෙකක් හෝ ගොඩක් නොව එකක්ම වන බැවිනි.ඔබට මෙය කියවා අවසානයේදී ඇතිවන මානසික හෝ කායික විඩාව පිලිබඳ මම වග නොකියමි.අවසානයක් නොමැතිව තර්ක කරන්නට යාමෙන් ඇතිවන මානසික වීඩාව දිගටම තර්ක කිරීමෙන්ම අවබෝධ කරගන්නා මෙන් , තර්ක කිරීමට කැමති අයගෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි. ඔබ මානසික පීඩාවකට පත් වුනොත් මෙතනට ගොස් එය නිවාගන්නා ලෙස ඉල්ලා සිටිමි. www.youtube.com/sashramaya




0 comments:

Post a Comment

About this blog

Powered by Blogger.