´´අර්හත්වූ ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි. විශාරදව නාද කෙරෙයි. ඒ ශ්‍රමණ ගෞතමයන් අතින් පණ්ඩිත දිව්‍ය මනුෂ්‍යයෝ ප්‍රශ්න අසත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳීම කෙරෙයි.ප්‍රශ්න විසඳීමෙන් සිත් ගැනීම කෙරෙයි .ඔහුගේ වචන ඇසිය යුතුයයි හඟිත්, අසාද පහදිත්, පැහැදුනු ආකාරයක් නොකෙරෙත්, පැහැදුනු ආකාරයක් කෙරෙත්. දෙසූ ධර්මය සේ පිළිපදිත්, දෙසූ ධර්මය සේපිළිපදින්නාහු ශ්‍රමණ ගෞතමයන්ගේ හිත් ගනිත්යයි´´ කාශ්‍යපය, මෙසේ කියයුත්තෝ වන්නාහුය. අචෙල කාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබුයේමය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතන් වහන්සේලාට ඇතුලත් කෙනෙක්ම වූයේය.
අටවෙනිවූ කස්සප සීහනාද සූත්‍රය 


"මහණෙනි, අධර්මයට නිග්‍රහ කරව, අධර්මයට එරෙහිව ධර්ම යුද්ධයක් කරව!" අංගුත්තර නිකාය, කින්දිට්ටික සුත්‍රය තුල එදා තථාගතයන් වහන්සේ සඳහන් කල ධර්ම යුද්ධය මේතාක් කිසිවකුට සිදු කල නොහැකි විය. ඒ ඊට සුදුසු අවබෝධයකින් සහ ඥානයකින් පරිපුර්ණ වූ මහා පුරුෂයෙක් පහල නොවුණු බැවිනි. බොහෝ දෙනා කලේ කටින් බතල සිටුවමින්, නැති බලයක් මවා පෙන්වමින් මිනිසුන් ඉදිරියේ රඟපෑමය. එහෙත් ඒ රඟපෑම් සියල්ල අහවර වන කාලය එළැඹ ඇත. මන්ද අභීත සිරි සමන්තභද්‍ර හිමියන් මේ වන විටත් ධර්ම යුද්ධය ආරම්භ කල හමාරය.  www.youtube.com/sashramaya




යමක් අසත්‍ය නම් , එය තර්කයට අසුවී එය අසත්‍යයක් බව තර්කයට අසුවීමෙන්ම බිඳ වැටෙයි. යමක් සත්‍ය නම් කිනම් තර්කයක් ගෙනාවද , එය බිඳවැට්ටවීමට නොහැකිය.ලෝකයේ පරම සත්‍යට සාපේක්ෂව අසත්‍යයය වන එහෙත්, මිනිසුන් විසින් මනුෂ්‍යය ලෝකයේ දී එය සත්‍ය බව සම්මත කරගෙන සිටින කාරණයක් තාවකාලික ලෙස පමණක් භෞතික වශයෙන් සත්‍ය වේ.එහෙත් එය එලෙස පවතින්නේ තවත් පුද්ගලයෙකු පැමිණ එය තර්ක කර එහෙත් එය වැරදි බව ඔප්පු කර පෙන්නන තාක් පමණි. එහෙත් යමෙක් තමා එදිනෙදා ජීවත් වන ජීවිතිය තුලින් සත්‍ය අවබෝධ නොකරන්නට ගොස් තර්කයෙන්ම සත්‍ය සොයන්නට යයිද,හෙතෙම මියැදෙන තාක් කල් තවත් භෞතික මානසික රාමුවක් තුල සිරවී සිටියදීම තම ජීවිතිය අවසන් කරයි.යමක් පරම සත්‍ය නම් එය අපගේ ජීවිත තුල තිබිය යුතුය.මන්දයත් එය පරම සත්‍ය නම් සියල්ලම තුල එය ක්‍රියාත්මක විය යුතු බැවිනි.එසේනම් යමෙක්ට පරම සත්‍ය අවබෝධ නොවන්නේ හෝ නොපෙනෙන්නේ තමාගේ සිත තුල පවතින්නා වූ මානසික රාමු හා දෘෂ්ටියක ප්‍රතිපලයක් ලෙසිනි.කුමන තර්කයක් ගෙන ආවද , ලොව පරම සත්‍ය බිඳ හෙළිය නොහැක.මන්දයත් පරම සතයේ දෙපැත්තක් නැති බැවිනි.යම් දෙයක දෙපැත්තක් ඇති නම් ඒ පැත්තට මේ පැත්තට පෙරලා කිසිදා අවසන් නොවනතුරු තර්ක කිරීම කරගෙන යා හැකි බැවිනි.පරම සත්‍ය නම් සත්‍ය දෙකක් හෝ ගොඩක් නොව එකක්ම වන බැවිනි.ඔබට මෙය කියවා අවසානයේදී ඇතිවන මානසික හෝ කායික විඩාව පිලිබඳ මම වග නොකියමි.අවසානයක් නොමැතිව තර්ක කරන්නට යාමෙන් ඇතිවන මානසික වීඩාව දිගටම තර්ක කිරීමෙන්ම අවබෝධ කරගන්නා මෙන් , තර්ක කිරීමට කැමති අයගෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි. ඔබ මානසික පීඩාවකට පත් වුනොත් මෙතනට ගොස් එය නිවාගන්නා ලෙස ඉල්ලා සිටිමි. www.youtube.com/sashramaya





පුංචිකාලේ සිට අපට උපදෙස් ලැබෙන්නේ හොඳ පෞරුෂයක් ගොඩනගන්න කියලා.පෞරුෂයක් නැතුව ජීවත් වෙන්න බැරිද?

මා කියන්නේ තියෙන පෞරුෂයත් ඉවත් කරගන්න කියලා.සමාජයේ සියලු දෙන පෙන්වන මාර්ගයට විරුද්ධ පටිසෝතගාමී මාර්ගයක් මම ඔබට කියනවා.අපි පෞරුෂයක් හදාගත්තාම එක නඩත්තු කරන්න සිදුවෙනවා.මේ සමාජයේ ඕන තරම් ගැහැණු ඉන්නවානේ.මං කියන්නේ ගැහැනියකට ගැහැණු බව නඩත්තු කරන්න පහසුද?.ඒකත් හරි අමාරුයි.ඊට ගැලපෙන ඇඳුම් අඳින්න ඕන.කොන්ඩේ කපන්න ඕන.කෑම -බීම, කාමර පහසුකම් හොයන්න ඕන.ඔය ඔක්කොටම වඩා කරදරයි ඊට ගැලපෙන බාත්රූම් එකක් හොයන්න ගියාම.මාරු වුනොත් විනාශයි.ඒ වගේමයි පිරිමකමත්.මිනිස්සු එක එක රාමු හදාගෙන පිරිමිකමත් නඩත්තු කරනවා.බැරිවෙලා හරි අපි රෙදි කඩේකට ගියාම ගෑනු රෙදි තියෙන පැත්තට ගියොත් මොකක්ද හිතෙන්නේ?ලැජ්ජාවක්.පිරිමි රෙදි තියෙන පැත්තට ගෑනු කෙනෙක් ගියාමත් හිතෙන්නේ ලැජ්ජාවක්.මං අහන්නේ අයි ඒ?ඒ ඒගොල්ලෝ නඩත්තු කරන පෞරුෂය නිසා.මම කියන්නේ මේ සියල්ල අත්‍ ඇරියම ඒ ය හරි නිදහස් කියලා.අපි හිතමු එක මනුස්සයෙක් කැමතිවෙලා ඉන්නවා පරිප්පුයි බතුයි කන්න,එක දවසක් මේ මනුෂ්‍යාට කෙසෙල් බඩයි බතුයි කන්න ලැබෙනවා.එයා දැන් කෙම ප්‍රතික්ෂේප කරන්නේ කෙසෙල් බඩයි බතුයිවල තියෙන වැරද්දක් නිස්සා නෙවෙයි.එයාට ඒ කෑම වේල කන්න බැරි පරිප්පුයි බතුයි වලට පෞරුෂයක් හදාගත්ත නිසයි.මම අහන්නේ මේ ඕන එකක් එක්ක බත් කන්න පුළුවන් කෙනයි පරිප්පුයි බතුයි කන කෙනයි අතරින් වඩා සාර්ථක කවුද?ඕන දෙයක් කන්න පුරුදු වුන කෙනා නේද?එතකොට ඒ ඕන දෙයක් කන්න පුළුවන් පුද්ගලයාට පෞරුෂයක් තියෙනවාද නැද්ද?එත් ඒක තමයි ඔහුගේ පෞරුෂය.මාත් ඔබට කියන්නේ ඒ වගේ නැති පෞරුෂය ඇති කරගන්න කියලා.පෞරුෂය ඉවත් කරන එක තමයි එයාගේ පෞරුෂය.පෞරුෂය නැති කරනවා කියන්නේ ලොකු හයියක්.එහෙම පුද්ගලයෙක්ව ලෝකේ කසිම කෙනෙකුට මර්දනය කරන්න බෑ.මරන්න බෑ.මරන්න එද්දී මිනිස්සු ආපස්සට දුවනවා නේ.පෞරුෂය නැති කරගත්ත මිනිස්සු මරණය එද්දී ඉස්සරහට මුහුණ දෙනවා.මනුෂ්‍යයෙක්ට ගහන්න හිංසා කරන්න එද්දී ,හිංසා කරන්න එද්දී ගහන කෙනාවම හොයාගෙන යනවා.මනුෂ්‍යයෙක් ට නින්දා කලාම නින්දාවම හොයාගෙන යනවා.ඒ තමයි ඒ අයගේ පෞරුෂය.

ඔබ වහන්සේ කියන්නේ ප්‍රතිපත්තිගරුක මිනිස්සු රටකට එපා කියලද?

නෑනේ.පෞරුෂය නෑ  කියන එකම තමයි ප්‍රතිපත්තිගරුජයි කියන්නෙත්.ජීවිතයේ සියල්ල කෙරෙහි මධ්‍යස්ත වෙන්න.අපි මේ පෞරුෂය කියලා පොඩි කොටුවක් හදාගෙන සිදු කරන්නේ මොකක්ද?ඒක හරියට ගිරවෙක් ගෙනල්ලා කූඩුවකට දාල කැරට් අල කව කවා තියාගෙන ඉන්නවා වාගේ වැඩක්.මං කියන්නේ ගිරවා අතාරින්න කියලා.අත් ඇරලා ඌට කැමති කමක් කන්න කියලා.මිනිස්සුන්ට පෞරුෂයක් හදලා ඒකට කොටුකරන්න එපා.අනෙක් අතට නූතන සමාජය එහෙම පෞරුෂයකට කොටු කරන්න බෑ .ඒ ගොල්ලෝ නිදහසේ ලෝකය දකිනවා.නිදහසේ ජීවත් වෙන්න.එතකොට ඔබට හුඟක් දේවල් පේන්න පටන් ගනීවි.මනුෂ්‍යයෙක් ගේ ඥානය වැඩිවන්නේ ගවේෂණය කරන ප්‍රමාණයට.එක එක සීමාවලට හිරවෙලා ඉන්නකල් ගවේෂණය කරන්න බැරි වෙනවා.එහෙම සීමාවලට හිරවෙන්න සිදුවෙන්නේ ඔහු පෞරුෂයක් නඩත්තු කරන නිසා.මම කියන්නේ එහෙම පෞරුෂයක් හදාගන්න එපා කියලා.පෞරුෂයක් තියෙන මිනිස්සු හරියට නාකි බල්ලෝ කොළඹ යනවා වගේ.මග දිගට ඉන්න  ඉන්නවා  මිසක් නාකි බල්ලා කොළඹ යන්නේ නෑ.ගොරවන බල්ලන්ට ගොරව ගොරව ඉන්න නිසා තමයි සමාජය ආතුර වෙලා තිබෙන්නේ .කවුරුවත් තමන්ගේ ගමන යන්නේ නෑ.මම කියන්නේ ඒකයි.ඔබට ගොරවන කෙනාට ඔබ ගොරවන්න එපා.උන්ට හිනාවෙන්නඔබට හිංසා කරන්නන්ට ආදරය කරන්න.වෛර කරන්නන්ට කරුණාව දක්වන්න. " අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ ජිනෙ කදිරියං දානෙන සච්චේන අලිකවාදිනන්ති "   බුද්ධාගමේ කියන්නේ මෙන්න මේ මාර්ගය.පෞරුෂය නිසා අතුරු මානසික ආබාධ ඇතිවෙනවා.පෞරුෂය කියන ප්‍රධාන කාරණය සංවර්ධනය කරනකොට එකත් එක්ක හැදෙන අතුරු මානසික ආබාධ තියෙනවා.පෞරුෂය නඩත්තු කරන්න බැරි වුනාම ඔවුන් මානසික රෝගීන් බවට පත්වෙනවා.

ඔබ වහන්සේ අපිට කියනවා වෛර කරන අයට ආදරය කරන්න කියලා.එතකොට අපිට ආදරය කරන යට මොකද කරන්න ඕන?

ආදරය කරන ය කෙරෙහි මධ්‍යස්ථ වෙන්න.වෛර කරන අයට  ආදරය කරන්න කියලා කිව්වේ, ඔහු ඒ වෙද්දී වෛර කරන නිසයි.චින්තනයේ අවසාන තැන එතැන නොවෙයි.ඊට පස්සේ කරන්නේ පුද්ගලයාව බැලන්ස් කරන එක.වෛර කරන කෙනාට ආදරය කරන්න පුරුදු වුනාම ඔහු නිවන් මග අහන්න සුදුසුයි.මේ කියන්නේ සිත් සමතුලිත කරගන්න කියලා.
සමතුලිත සිතක් ඇති කරගන්න පුළුවන් පටිසෝතගාමී චිත්තයකින් පමණයි.මම මේ කියන කතාව තේරුම් ගන්න අවශ්‍යනම් පුන්න මන්තානි තිස්ස තෙරුන් වහන්සේගේ කතාව අහන්න.එයා හිරවුණා කෙනෙක් නෙවෙයි.නිදහසේ හිතලා නිදහසේ ඇවිදලා නිදහසේ කල්පනා කරලා තීරණ  ගත්ත හාමුදුරු කෙනෙක්.මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලනවා සුනාපරන්තයට යන්න.සුනාපරන්තය කියන්නේ හරිම දරුණු මිනිස්සු හිටපු ප්‍රදේශයක්.එතකොට පුන්න හාමුදුරුවෝ  රහත් වෙලත් නෑ.බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ කියනවා පුන්න යන්න එපා,ඒ මිනිස්සු හරි සැරයි කියලා.ඊට පස්සේ බුදුහාමුදුරුවොයි පුන්නයි අතර ඇතිවන්නේ මෙවැනි සංවාදයක්. 'කමක් නෑ බුදුහාමුදුරුවනේ ඔවුන් මට බැන්නේ නෑනේ, හොඳයි පුන්න ඔවුන්  ඔබට බැන්නොත් .කමක් නෑ ස්වාමිනි, ඔවුන් මට ගැහුවේ නෑනේ. ගැහුවොත්?ඒකට කමක් නෑ, ඔවුන් මට උල් ආයුධ වලින් පහර දුන්නේ නැනේ. උල් ආයුධ වලින් පහර දුන්නොත්.ඔවුන් මාව මැරුවේ නෑනේ. හොඳයි පුන්න ඔවුන් ඔබව මැරුවොත්.ඒකට කමක් නෑ .කී දෙනෙක් මැරෙන්න ක්‍රම හොයනවද?ඒ අතර මට නොමිලේම ක්‍රමයක් ලැබුන යයි කියා මම සතුටු වෙනවා.'
මෙහෙම කියන්න මොන තරම් හිත හදපු කෙනෙක් වෙන්න ඕනෙද?මා කියන දහම අවබෝධ කරගත්තොත් ඒ වගේ වෙන්න පුළුවන්.බෞද්ධාගමේ මාර්ගය පටිසෝතගාමී මාර්ගයක්.එතැනටයි අපි යන්න ඕන.එහෙම නැතුව මල් මල් බෞද්ධයෝ වෙන්න අවශ්‍ය නෑ .

මල් මල් බෞද්ධයෝ කියලා අදහස් කලේ?

මල් මල් බෞද්ධයෝ කියන්නේ, තියෙන ඔක්කොම ප්‍රතිමා පිළිම වලටයි, ගස් ගල් වලටයි වැඳ වැඳ අටපිරිකර එහෙම පූජා කර කර යන අයට.මම කියන්නේ එහෙම නැතිව දාර්ශනික බෞද්ධයෝ වෙන්න කියලා.බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි.දර්ශනයක්.

ආගමකයි දර්ශනයකයි වෙනස පැහැදිලි කරන්න පුලුවන්ද?

ආගමක් කියන්න සිරිත් විරිත් සම්ප්‍රදායක්.මේ ඔක්කොම එකතු කරගෙන ඒවාට වැඳ  වැඳ පූජා පවත්වන එකක්.දර්ශනයක් කියන්නේ මිනිසුන්ගේ දුක නිවන ක්‍රමවේදයක්.බුද්ධාගම දර්ශනයක්.හැබැයි බුද්ධාගමේ  නැතුව නෙවෙයි.මල් පූජා කිරීම වගේ දේවල් තියෙනවා.නමුත් බුද්ධාගම කියන්නේ දර්ශනයක් බව කවුරුත්  යුතුයි.යම් කෙනෙක් බුද්ධාගම දර්ශනයක් කියන එක අමතක කලොත් අන්න එතකොට මල් මල් බෞද්ධයා හිස ඔසවනවා.ඒ මල් මල් බෞද්ධයෝ එකතුවෙලා බුදුහාමුදුරුවෝ ඝාතනය කරනවා.දර්ශනය මරනවා.මම කියන්නේ ඒ දර්ශනය මරන්න ඉඩ දෙන්න එපා කියලා.සොබාදහම දර්ශනය මරන්න ඉඩ දෙන්නේ නැහැ.මේක නිවන මුල්කරගත්ත දහමක්.

නමුත් අතීතයේ සිට පැවත එන භික්ෂු පරපුර නිසා මේ දහම යම්තාක් දුරකට හෝ නොනැසී ආරක්ෂා වුනා නේද?

අද ඉන්න භික්ෂුව එක එක දේවල් වලට ගිහින්.කට්ටියක් දේශපාලනයේ.කට්ටියක් ආණ්ඩුවට කඩේ යනවා.තව කට්ටියක් විපක්ෂයට කඩේ යනවා.මේවා නවත්වලා පරම සත්‍ය වූ  නිවන හොයාගෙන යන්න ඕන.භික්ෂුවක් බවට පත්වෙද්දී කියන පළමුවෙනි දේ තමයි, "සබ්බ දුක්ඛ නිස්සරණ - නිබ්බාන සච්චකරන " භික්ෂුවගේ පරමාදර්ශ පාඨය විය යුත්තේ එයයි.මේ සමාජය එඅතනට එන්න ඕන.එහෙම ආවොත් විතරයි බුද්ධාගම නැවත බැබලෙන්නේ.මිනිස්සු බුදුදහම බබළවන්න කියලා එක එක දේවල් කරනවා.පිළිම හදනවා.විහාර හදනවා.ගස් සිටුවනවා.ආරක්ෂා කරනවා.නමුත් ආරක්ෂා කිරීමෙන් කවදාවත් බුදුදහම බබළවන්න බෑ .බුදුදහම බබළවන්න පුළුවන් අවබෝධ කිරීමෙන් පමනයි.කෙනෙකුට සැබෑවටම දහමට සේවය කරන්න අවශ්‍යනම් ඒ පුද්ගලයා කලයුත්තේ එදා ධර්මාරාම භික්ෂුව කල දේමයි.ධර්මආරම භික්ෂුවමෙන් බුද්ධ වචනය ප්‍රත්‍යක්ෂ කලයුතුයි.කෙනෙක් බුද්ධ වචනය ප්‍රත්‍යක්ෂ කලොත් හේ බුදුසසුන බැබලවුයේය.නිවන් නොදක ආරක්ෂා කරන්නට ගිය සියල්ලෝම බුදුසසුනෙන් ජීවත් වුවෝ මිස සසුන බැබලු වුවෝ නොවන්නේය.බුද්ධාගම කියන එක ආරක්ෂා කරන්න ඕන නෑ.ඒ දහම ආර්ක්ශාකරන්වානම් ලොකු වැරද්දක්.බුද්ධාගම සංරක්ෂණය කල යුතුය.ඉස්සෙල්ල තමන් රස බලලා කාල, බීල ඉන්න.දැන් ඔබ අහයි ඔය කියන්නේ බුද්ධාගම කාල බැලුවට කමක් නෑ කියලද. මම කියනවා කාල බිව්වත් කමක් නෑ  කියලා."මහණෙනි, ධර්මය හා සමාන ඖෂදයක් නැහැ.එය පානය කරන්න"  බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙමයි.ධර්මය තමන් අවබෝධ කර නොගෙන සංරක්ෂණය කරන්න යෑම මෝඩ කමක්.

-- අතිපූජ්‍ය සමන්තබද්‍ර ස්වාමින්වහන්සේ , මව්බිම පුවත්පතේ සංජක ප්‍රසාද් දොලේවත්ත සමග කල සංවාදයක් ඇසුරින් උපුටා ගත්තකි...


Image courtesy-http://www.mawbima.lk/e-paper.html

About this blog

Powered by Blogger.