බොහෝමයක් මිනිස්සු පිළිගන්න අකමැති දෙයක් තමා තමන් ඉපදුනේ මනුෂ්‍ය ලෝකයේ කියන එක.
ඔවුන්ට තමන් ඉපදුනු තැන පවා දේශපාලන රාමු වලින් කොටුකරගෙන.ඔවුන් එම දේශපාලන රාමු තුලම තෙරපී හිරවී තමන්ගේ දිවිය හමාර කර දමනවා.තමන් භූ ගෝලීය වශයෙන් ඉපදුනු තැන තවත් ලක්ෂ්‍යකට සාපේක්ෂ වශයෙන් බවවත් තේරුම් ගන්න තරම් ඔවුන්ගේ මනස විවෘත්ත වෙලා නෑ.මහාද්වීප, රාජ්‍ය, ප්‍රාන්ත, නගර, ගම්, ආගම්, ජාති, කුල,පරම්පරා ලෙස මෙහෙම දිගටම මේ දේශපාලනික බෙදීම නොනැවතී ගමන් කරනවා."ආගම් දේශපාලනිකයි? ඔව් ඇත්තටම, ආගම් බිහිවන්නේ විවිධ දේශපාලනික කොට්ඨාශ වල යහ පාලනය ඇති කරගන්න.පාලකයින්ට තමා බලයේ සිටිමින් පාලනය මෘදුව ගෙනයන්න." ඇත්තටම කිව්වොත් බහුතරයක් මනුෂ්‍යයන් තමන්ගේ ජීවිත කාලය ඇතුලතදී තමන්ට වෙන්නේ කුමක්ද, තමන් කරන්නේ කුමක්ද කියා පැහැදිලි අදහසක් ඔහු හෝ ඇය නොදනී.එසේ සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයා දෙස බැලූ විට පෙනෙන්නේ තිරිසන් සත්වයාත් මනුෂ්‍යයාත් අතර එතරම් වෙනසක් නොපවතින බවකි.
මොකක්ද එසේනම් අනෙකුත් සත්වයෙනුත් මනුෂ්‍යාත් අතර වෙනස.මනුෂ්‍යාට දියුණු මනසක් තිබෙන නිසා ඔවුන්ට අවබෝධය ලැබීමේ හැකියාව පවතී.අනෙකුත් සත්වයන්ට පවතින්නේ හැඩගැසීමේ හැකියාව පමණි.
මනුෂ්‍යයෙක් ලෙස ඉපිද සාමාන්‍ය සත්වයෙක් ලෙස යම් දෙයකට හැඩගැසීමෙන් මනුෂත්වයට සිදුවන්නේ කිනම් සාධාරණයක්ද? ළදරුවෙකු ලෙස ඉපදුණ දින පටන් විවිධ ආකාරයට හැඩගැසෙමින් තමන්ට නිදහසේ සිතීමේ ඇති නිදහස පවා තමා විසින්ම නැති කර ගනී."සියල්ලටම ප්‍රධාන වන්නේ මනස " යන ප්‍රාථමික කාරණය පවා ඔවුන්ට අවබෝධ කරගත නොහැකිව ,තමා පිළිබඳ තමාට ඇති වගකීම පවා බැහැර කරමින් සිටියි.
අද ශ්‍රී ලංකාවේ වර්තමානය තත්වය සලකා බැලුවහොත් , "තමා වෙහෙසෙන්නේ තමන්ගේ අනාගත පරපුරට බවත් පවසමින් අන්තවාදීන් මෙසේ විවිධ ගැටළු ඇති කරමින්, තවත් පුද්ගලයන් ගැටළු වලට මැදිහත් කර ගනිමින් ඔවුන් විනාශකාරී ක්‍රියාවල යෙදෙයි."
බොහෝ විට මෙවන් අන්තවාදීන් ලෙස පෙනී සිටින්නේ කව්ද? තමන්ගේ මැදි විය පසු කල පුද්ගලයන්, තමාට තමන්ගේ තරුණ කාලයේදී අතපසු වූ දේවල් කෙරෙහි මානසික අසහනයකින් පෙලෙන එවුන්,තමා මිය යාමට පෙර ඔවුන්ගේ තනිකම (solitude) වසා ගැනීම සඳහා තරුණ ප්‍රජාව ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා යොදා ගනී.
ලෝකයේ විවිධ කාලවල  යුද්ධ දෙස සලකා බැලුවහොත් ඔබට මෙය ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිය.යුද්ධය දිනුව උන් සමස්තයක් ලෙස ලබාගත් දෙයක් නොමැත.
ලෝක දේශපාලන තත්වය මොන වගේද? ලෝකයේ ප්‍රබල ආර්ථික පවතින රටවල් මේ වෙලාවේ තමන්ගේ අය වැය හිඟය පියාවගන්න බරපතල අරගලයක යෙදී සිටී.විවිධ තාවකාලික පැලැස්තර අලවා සිටී.ප්‍රබල නොවන රටවල් ප්‍රබල රටවල ගොදුරු බවට පත්ව සිටී.මේ සියල්ල මුදල් නිසාද? ඔව්, ප්‍රබල රටවල , දුබල රටවල විවිද වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ මුදල් වැඩි කර ගැනීම සඳහා.ප්‍රබල රටවල් අතර අරගල ඇතිවෙන්නේ මේ මුදල් කියන කාරණයම මත තමයි.ඊට උඩින් විවිධ ප්‍රශ්න තිබුනත්, යටින් ක්‍රියාත්මක වෙන්නේ මේ ධනය කියන ප්‍රශ්නය තමයි..මේක හාවා  තණකොළ කනවා, කොටිය ඇවිල්ල හාවා කන එකට සමානයි.ව්‍යාපාර ගත්තත්, දේශපාලනික ව්‍යුහ ගත්තත් මේ සියල්ලේම ක්‍රියාත්මක වෙන්නේ එකම මොඩල් එක.
මේ ඔක්කොම ප්‍රශ්ණ මැද්දේ මොකක්ද තමන්ට තනි පුද්ගලයෙක් වශයෙන් කරන්න පුළුවන් කාර්‍යභාරය? සාපේක්ෂතාව තේරුම් ගැනීම.සාපේක්ෂතාව තේරුම් ගෙන, තමන් ඇත්තටම කලයුත්තේ කුමක්ද කියන එක තමන්ගේ හදවත උත්තර දෙයි.තමන් කරන්නේ කුමක්ද කියල තමන් හරියට දැනගන්න ඕනි.උදාහරණයක් විදිහට කිව්වොත්, ඉපදුන ගමන් හදන කේන්දරයෙන් ඔවුන්ගේ ජීවිත ගැන තීරණය කරන්නේ තමන් ඉපදුනු මොහොතට සාපේක්ෂව.ඔවුන් මේ කරුණාවත් නොදැන කෙන්දරය මුළු ජීවිතයේම සාරාංශය බවට පත්කරගන්නවා.එතකොට ෆෙන් ෂුයි ,වාස්තු විද්‍යාව යන විවිධ නම් වලින් විවිද දේවල් ,මිනිස්සු වැළඳ ගන්නවා.ඉඩමක හැඩය කියන කාරණය භෞතිකව බෙදිලා නෑ.ඒවා යම් කිසි ලේඛනයක නැත්නම් මිනිස්සුන්ගේ හිතේ තමයි තිබෙන්නේ.නැත්නම් තමන්ට කිසි වෙහෙසක් නැතිවම ලැබුන අදහස් වලට පමණක් තමන්ගේ ජීවිතය කෙටි කරගන්නවා.ඒක හරියට Love is Life කියන එක වගේ.ප්‍රේමය ට වඩා ජීවිතිය ලොකුයි කියන එක තේරුම් ගත්තේ නැත්නම් මනුෂයෙක් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා.Love is  Life  කියල හිතාගෙන සිටින පුද්ගලයෙකුට, තමාගේ සහකරුගෙන් වෙන්වීමක් සිදුවුනොත්, එම පුද්ගලයා ජීවිත කාලයම විරහ වේදනාව විඳවනවා.ඒ පුද්ගලයා ජීවිතිය විඳිනවට වඩා කරලා තියෙන්නේ විඳවල තියෙන එක.
ඇත්තටම තමන් ගැන හිතනවා කියන්නේ ආත්මාර්ථකාමී වෙනවා කියන එක නෙවෙයි.ආත්මාර්ථකාමී වෙනවා කියන්නේ තමන් ගැන විතරක් මෝඩ විදිහට හිතන එකටයි.මිනිස්සුන්ට දුක් වෙනවට වඩා තියෙන්නේ තමන්ට දුක හිතෙයි කියල තියෙන බිය.අපිට මරණෙන් පස්සේ ලැබෙන දෙයක් ගැන විශ්වාස කල හැක්කේ කෙසේද? ඇත්තටම අපිට මරණයෙන් පසු දෙයක් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ .මේ මොහොතේ අපට ලැබෙන දෙයක් ගැන අපිට 100% විශ්වාසය තියන්න පුළුවන්.

0 comments:

Post a Comment

About this blog

Powered by Blogger.